මෙරටින් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව යළිත් 800 සීමාව ඊයේ දිනයේ ඉක්මවා යයි.
ඒ අනුව ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 829 ක් වන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.
පෙරේදා දිනයේ මෙරටින් වාර්තා වූයේ කොරෝනා ආසාදිතයින් 688 දෙනෙකු පමණයි.
මේවනවිට වාර්තා වන දෛනික ආසාදිතයින්ගෙන් බහුතරයක් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයින් විය හැකි බැවින් ජනතාව තවදුරටත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම ඉතා වැදගත් බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.