විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි තරුණයන් 25 දෙනකු හැටන් කොට්ඨාශ අපරාධ විමර්ෂණ කාර්යාංශයේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගත් බව එම කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රේමලාල් මහතා පවසන ලදි.
මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු ප්‍රේමලාල් මහතා පවසන ලද්දේ 21, 22, යන දෙදින තුලදි හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල, ෂැනන් හා හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම ප්‍රදේශයේදි කරන ලද සෝදිසි මෙහෙයුම් වලදි මෙම පිරිස අත් අඩංගුවට ගත් බවත්ය.
මෙසේ අත් අඩංගුවට ගත් පිරිසෙන් වැඩිම පිරිසක් අවුරුදු 18ත් 23ත් වයස්වල තරුණ පිරිස බවත් දෙමාපියන්ට නොදන්වා මෙසේ විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට මෙම තරුණ පිරිසෙන් වැඩි කොටසක් පැමින ඇති බව කරන ලද මුලීක පරික්ෂනවලදි හෙලිවු බවද ප්‍රේමලාල් මහතා පවසන ලදි.
මෙම තරුණ පිරිස මෙසේ විවිධ මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිවිම දැඩි කනගාටුවක් බවත් තම දරුවන් යන එන ස්ථාන පිලිබදව දෙමාපියන් වැඩි අවදානයක් යොමු කරන්නේ නම් තම දරුවන් මෙවැනි ගමන් යාමෙන් වලකින බවද ඔහු පවසන ලදි.
මෙසේ විවිධ මත් ද්‍රව්‍ය සමග අත් අඩංගුවට ගන්නා ලද සියලුම දෙනා හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බවද ඔහු තව දුරටත් පවසන ලදි.
හැටන් ජේශ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතාගේ උපදෙස් මත හැටන් සහාකාර පොලිස් අධිකාරි එස්. ඩි. එම්. ෆාරුක් හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂන රංජිත් ජයසේන මහත්වරුන්ගේ අධික්ණය මත හැටන් කොට්ඨාශ අපරාධ විමර්ෂන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රේමලාල් උප පොලිස් පරික්ෂක දසනායක, පොලිස් සැරයන් 55607 කමල්, පොලිස් කොස්ථාපල් 85521රසික,77334 රත්නායක, 92860 රෝෂාන්, 85064 කොතලාවල, පොලිස් කොස්ථාපල් රියදුරු 85442 නවරත්න යන නිලධාරින් විසින් මෙම පිරිස මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්