oil

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු යලි ආරම්භ කිරීම ලබන 30 වන දා දක්වා කල් යාහැකි බව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කරයි.

නැගෙනහිර යුරෝපයේ සහ මැදපෙරදිග භූ දේශපාලනික උණුසුම හේතුවෙන් ලෝක වෙළදපොළේ තෙල් මිල යළි ඉහළ ගොස් ඇත.

මේ අතර, විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා කොළඹ වරායේ පැවති ඉන්ධන නෞකා දෙක නිදහස් කර ගැනීමට අවශ්‍ය ඩොලර් මහ බැංකුව ලබා දුන් බව, විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා කියා සිටියි.

ජනාධිපතිවරයා සමඟ ඊයේ (24) දින පැවති සාකච්ඡාවේ දී උපදෙස් ලබා දී තිබුණේ, විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙසටයි.

Similar Posts