ඊයේ (27) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 942ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 607,104ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,369කි. ඉකුත් සතිය තුළ දෛනික කොවිඩ් මරණ වාර්තා වී තිබුණේ මරණ 12ත් 17ත් අතරය.
අනෙකුත් දිස්ත්‍රික්කවලට සාපේක්ෂව ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ව්‍යාප්තියේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන බව ප්‍රාථමික සෞඛ්‍ය, වසංගත රෝග සහ කොවිඩ් 19 රෝග පාලන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අනාවරණය කළාය.
ගම්පහට පසුව වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවද කොරෝනා වයිරසයේ Omicron ප්‍රභේදය මගින් සීඝ්‍ර ව්‍යාප්තිය ඇති වීයයි සැක කරන බවද පවසන ඇය, ආසාදනය වූවන්ගෙන් බහුතරයක් බොහෝ දුරට රෝග ලක්ෂණ නොමැති බව සටහන් කර ඇති බව පැවසුවාය.
රෝග ලක්ෂණ නොමැති ආසාදන වැඩිහිටි පුද්ගලයින්ගේ සහ වෙනත් දිගු කාලීන සහ බෝ නොවන රෝගවලින් පෙළෙන අයගේ සෞඛ්‍යයට අහිතකර විය හැකි බවට ඇය අනතුරු ඇඟවීය.
රටෙහි දෛනික කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්වී ඇති බැවින් මහජනතාව එහා මෙහා යාමට පටන් ගෙන ඇති බව පැවසූ වෛද්‍ය ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කළේ එය වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීමට හේතු වී ඇති බවයි.