ජනවාරි 31 දින දක්වා විදුලි කප්පාදු කිරීමක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ ජනවාරි 31 වැනිදායින් පසු විදුලි කප්පාදුවක් සිදු කිරීම හෝ නොකිරීම ගැන තීරණයක් ගන්නා බවයි.
කෙසේ වෙතත් පවතින තත්ත්වය අනුව අරපිරිමැස්මෙන් යුතුව විදුලිය පරිභෝජනය කරන්නැයිද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.