වතුකර ජනතාවගේ ප්‍රශ්න පිලිබදව සකච්ඡා කිරිම සදහා කදුකර සමාජ දේශපාලන වේදිකාව නමින් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව හිටපු පාර්ලීමේන්තු මන්ත්‍රි මයිල්වානගම් තිලකරාජ් මහතා පවසයි.
මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු තිලකරාජ් මහතා පවසන ලද්දේ වතුකර ජනතාවට ප්‍රශ්න රාශියක් පවතින බවත් එම ප්‍රශ්න පිලිබදව පුලුල් ලෙස සකච්ඡා කිරිම සදහා මෙම දේශපාල ව්‍යාපාරය ආරම්භ කිරිමට පියවර ගත් බවත්ය.
මෙම දේශපාලන ව්‍යාපාරය සදහා මේ වන විටත් විවිධ විද්වතුන්, උගතුන් බුද්ධිමතුන් එක්ව සිටන බවත් මෙම දේශපාලන ව්‍යාපාරය සදහා ඕනැම අයකුට එක්විමට හැකි බවත්ය.
ඉදිරියේදි මෙම දේශපාලන වේදිකාව තුලින් වතුකරයේ ජනතාවගේ විවිධ ප්‍රශ්න පිලිබදව අදාල බලධාරින් දැනුවත් කිරිම සදහා විවිධ සාකච්ඡාවන් පැවැත්විමට පියවර ගන්නා බවද ඔහු තව දුරටත් පවසන ලදි.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්