හැටන් ශ්‍රිපාද ප්‍රාථමික විදුහලේ සිසුවකු කොවිඩ් ආසාදියකු ලෙස හදුනා ගැනිමත් සමග එම විදුහලේ පස්වන ශ්‍රේණියේ පන්ති තුන තාවකාලිකව වසා දැමිමට පියවර ගන්නා බව එම විදුහලේ විදුහල්පතිනි ඉරේෂා හෙට්ටිආරච්චි මහත්මිය පවසයි.
මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම මහත්මිය පවසන ලද්දේ මෙසේ කොවිඩ් ආසානයට ලක්වු පහ වසර සිසුවා පසු ගිය සෙනසුරාදා පැවති ශිෂ්‍යත්ව විභාගය සදහා පැමින සිටි බවත් එම තත්වයන් මත එම සිසුවා පහ වසර පංති තුනම නියෝජනය කරන සිසුන් සමග එක්ව ඇති හෙයින් මෙම පංති තුන මෙසේ තාවකාලිව වසා දැමිම සුදුසු බවත්ය.
මේ පිලිබදව හැටන් අධ්‍යාපන කලාප කාර්යාලය දැනුවත් කර කලාප කාර්යාලයේ උපදෙස් මත විදුහලේ අන් සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සදහා මෙම විදුහලේ පහ වසර පංති තුන මෙසේ තාවකාලිකව වසා දමා එම පංති කාමර විෂබිජ හරණයට ලක් කිරිමට පියවර ගන්නා බවද ඉරේෂා හෙට්ටිආරච්චි මහත්මිය තව දුරටත් පවසන ලදි.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්