පොළොන්නරුව රජයේ මහ රෝහලට පාදයේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ලබාගැනීමට ඇතුලත්වු තිදරු මවකට නොසැලකිලිමත් අන්දමින් පියයුරු පිලිකා රෝගයට ලබාදෙන අධිසැර සහිත ඖෂධ එන්නතක් ශරිර ගතකිරිමෙන් බරපතල ලෙස රෝගතූරුව අනුරාධපුර ශික්ෂන රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඉතා අවසනාවන්ත අන්දමින් ඊයේ (04දා) සවස ජීවිතක්ෂයට පත්වුවාය.
පොළොන්නරුව නව නගරයේ ගල්විහාරය අසල පදිංචිව සිටි 52 හැවරදි තිදරු මවකවු මානෙල් කුමාරි අමරකොන් මහත්මිය පොළොන්නරුව මහ රෝහලේ වාට්ටු අංක තුනේ සේවයේ නියුතුව සිටි කාර්ය මංඩලයේ නොසැලකිලිමත් රාජකාරි සිදුකිරිම හමුවේ සිය දිවිය ඊයේ (04දා) සවස අනුරාධපුර ශික්ෂන රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි අවසන් කලාය.
රුධිරයේ සීනි මට්ටම ඉහල යෑම නිසා ඇතිවු තුවාලයකට ප්‍රතිකාර ගැනීමට ගිය ඇයගේ එක් පාදයක විලුබ ප්‍රදේශයෙන් කපා ඉවත්කර තිබු අතර එම තුවාලය සදහා ප්‍රතිකාර ලබමින් සිටියදි ඇයට යාබද ඇදේ සිටි පියයුරු පිළිකාවකට ප්‍රතිකාර ලබමින් සිටි රෝගි කාන්තාවකට ලබාදෙන ඖෂධ එන්නතක් වැරදි අන්දමින් ශරිරගත කිරිම නිසා රෝගි තත්වයට පත්වි වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂන රෝහලට යොමුකර තිබුණාය.
පාදයේ තුවාලයට ප්‍රතිකාර සදහා ඉතා හොද ශරිර තත්වයකින් පොළෙන්නරුව රෝහලට ගිය ඇයට පිළිකා මර් දන එන්නත එල්ලකිරිමෙන් පසුව ඇටසැකිල්ලක් තත්වයට පත්වි ශ්වසන අපහසුතාවකට පත්විම නිසා කෘතිම ශ්වසනය ලබාදෙන තත්වයට පත්ව සිටියාය.සිය මවගේ මරණයට හේතුව පොළොන්නරුව රජයේ රෝහලේ වාට්ටු අංක තුනේ සේවයේ නිරතවුවන්ගේ දැඩි නොසැලකිල්ල බව ඇගේ පුත්‍රයා පැවසුවේය.
අම්මව මුලින්ම රෝහලට ඇතුලත් කරේ ලයිටරයක් පුපුරලා පාදයේ තිබ්බ සුළු තුවාලයක් සුවනොවිම නිසයි.එම තුවාලයට ප්‍රතිකාර සදහා ශල්‍ය කර්මයක් සිදුකරා.ඒ ශල්‍ය කර්මයත් වැරදිවිදියට කරලා අම්මාගේ පාදයේ යට පතුලේ තිබ්බ ගල්තැලුමක් එක්කම විලුබෙන් කොටසක්ම අනවශ්‍ය විදියට කපලා ඉවත්කර තිබ්බා.ඒ තුවාලය සුවනොවිම නිසා අම්මා හුගක් පීඩා වින්දා.පස්සේ අම්මාගේ කකුල කපන තත්වයට ආපු නිසා තාත්තා හුගක් මහන්සිවෙලා ඒ තත්වය මගහැර ගන්නට උත්සහ ගත්තා.මහනුවර ගෙනිහිල්ලා පාදය පෙන්නලා හුගක් සුවකර ගත්තා.
නමුත් තුවාලය සම්පුර්ණයෙන්ම සුවනොවිම නිසා තමයි නැවතත් අම්මව පොළොන්නරුව රෝහලට ඇතුලත්කරේ.ඒ අතරතුරේදි තමයි අම්මට යාබද ඇදේ හිටපු පියයුරු පිළිකා රෝගි කාන්තාවට දෙන එන්නත විදලා තියෙන්නේ ඒ අතරතුරේ.අම්මට වැරදිලා එන්නත විද්ධ බව වාට්ටු අංක තුනේ සේවය කරපු හෙදියක් තාත්තා ඉන්න තැනම වැරදිලා කියලා තිබ්බා.
සර් ලියපු බෙහෙතේ අකුරු දෙකක් වැරදිච්ච නිසානේ මේ ඔක්කොම උනේ කියලා.ඒ වාට්ටුවේ එදා සේවයේ නියුතුවු සියළුම දෙනා දන්නවා අම්මට සිද්ධකරපු අපරාධය මොකක්ද කියලා.
අම්මට එන්නත දුන්නට පස්සේ මුත්‍රා මාර්ගයෙන් හා පිටුපසින් දුම්දානවා පුදුම දැවිල්ලක් තියනවා කියලා තාත්තට කියලා තිබ්බා. මුළු ඇගම දනවා කියලා තිබ්බා. අම්මට බෙහෙත විද්ධට පස්සේ එයා හිටපු ඇදේ කොට්ට මෙට්ට පවා ඉක්මනින් අයින්කරලා. අම්මා ඒ ස්ථානයෙන් ඉවත්කරාට පස්සේ නර්ස් කෙනෙක් ඇවිල්ලා අහලා තියනවා ලෙඩා මැරුණද කියලා. අම්මට මේක ඇහිලා අම්මා බැනලා තියනවා තාම මැරුණේ නෑ ඉන්නවා කියලා.
තාත්තා අම්මව බලන්න ගියපු දවසක වාට්ටු කාර්ය මණ්ඩලය කියලා තියනවා එයා හිටපු ඇදේ කොට්ට මෙට්ට අයින් කරේ බැක්ටිරියාවක් ආපු නිසා කියලා. ඒ අය කරපු වැරද්ද වහගන්න විවිධ බොරු විවිධ මනස්ගාත මැව්වා. නමුත් ඔවුන්ගේ කටවල් වලින් කියවුණා අම්මට වැරදි පිලිකා බෙහෙතක් සහිත එන්නතක් දුන්නා කියලා. අම්මට මැරෙන්න ලෙඩක් තිබ්බේ නෑ. අම්මව එන්නතක් විදලා මරලා දැම්මා.
වැරදි එන්නතින් පස්සේ අම්මාට ෆිට් එක හැදුණා. අම්මගේ මොලේ ස්නායු මැරිලා කියලා අනුරාධපුර රෝහලේ වෛද්‍යවරු පරික්ෂා කරලා කිවුවා. තුවාල නිසා ප්‍රතිකාර ගන්න හොදට රෝහලට ආපු අම්මගේ ශරිරයේ ඇටකටු මතුවුණා. ඒවා එකින් එක ගලවන්න පුළුවන් තත්වයට පත්වුණා. කෑමක් බීමක් ගන්න බැරිවුණා.කිසිම සැලකිල්ලක් නැතුව අවස්ථා කිහිපයක්ම අම්මට ප්‍රතිකාර කරපු පොලොන්නරුව රෝහලේ වාට්ටු අංක තුනේ කාර් ය මණ්ඩලය නිසා එයා අපිව තනිකරලා යන්නම ගියා යනුවෙන් ඔහු පැවසුවේය.
සිය බිරිදට වැරදි එන්නතක් ශරිර ගතකිරිම සම්බන්ධව අදාල වාට්ටුවේ වෛද්‍යවරුන්ට සැමියා විසින් දොස් නගා තිබු අතර ඒ සම්බන්ධයෙන් වහාම විනය පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ජනාධිපතිතුමා ඇතුළු පිරිසට ලිඛිතව පැමිණිලි ඉදිරිපත් කරන බව මරණකාරියගේ සැමියා පැවසුවේය.
-අනුරාධපුර මහේෂ් විජේසුරිය-