හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ පතන ශ්‍රිපාද ජාතික අධ්‍යාපන විද්‍යා පිටය අසල මාර්ගයේ වැටි තිබු රන් අත් පලදනාවක් සමග මුදල් පසුම්බියක් අසුලා ඇති හැටන් බුද්ධි අංශ නිලධාරින් එම මුදල් පසුම්බිය අදාල අයිතිකරුට ලබා දිමට පියවර ගෙන ඇත.
මේ පිලිබදව අදහස් දැක්වු හැටන් වීශේෂ කාර්යාංශයේ කොට්ඨාශ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩි. ඒ. ඩික්සන් දෙයියාගල මහතා පවසන ලද්දේ තම නිලධාරින් වන කොලිස් කොස්ථාපල් 8845 ඩි. එම්. ජේ. බී. දිසැනායක හා පොලිස් කොස්ථාපල් රියදුරු 89968 ඩබ්ලිව්. එම්. යු. බි. වික්‍රමසිංහ යන නිලධාරින් දෙදෙනා හැටන් නුවරඑළිය මාර්ගයේ ගමන් කරන විටදි පතන ශ්‍රිපාද අධ්‍යාපන විද්‍යා පිඨය අසල වැටි තිබු මුදල් පසුම්බියක් අසුලා ඇති බවත්ය.
පසුව එය පරික්ෂා කිරිමේදි මුදලින් රුපියල් 2860ක්, එක් ලක්ෂ හැත්තපන්දාහාක් පමන වටිනා රන් අත් පලදනාවක්, ඒ. ටි.එම් කාඩ් පත් ජාතික හැදුම් පත ඇතුළු ලියකියවිලි කිපයක් එහි තිබි ඇති බවත්ය.
පසුව එම ලියකිවිවලින් එහි අයිතිකරුවන සරන්රාජ් යන අයව සොයා ගෙන ඔහුට මේ බව දන්වා එම මුදල් පසුම්බිය එම පුද්ගලයාට බාර දිමට කටයුකු කල බවත්ය.
මේ පිලිබදව අදහස් දැක්වු සරන් රාජ් මහතා පවසන ලද්දේ තමන් ගුරුවරයකු ලෙස සේවය කරන බවත් තමන් නුවරඑළිය මාර්ගයේ ගමන් කරන විට තම මුදල් පසුම්බිය අස්ථාන ගතව තිබු බවත්ය.
මෙය නැති විමෙන් තමන් දැඩි අසහනයකට පත්වු බවත් පසුව හැටන් පොලිසියේ වීශේෂ කාර්යාංශයේන් තමන්ට තා කර තම මුදල් පසුම්බිය ලැබුන බව දැනුම් දුන් විට තමන්ට කිව නොහැකි තරම් සතුටක් දැනුන බවත්ය.
මෙම නිලධාරින්ගේ මෙම සත් ක්‍රියාව හැටන් පොලිස් කොට්ටාශයට මෙන් මුලු පොලිස් දෙපාර්ථමේන්තුවටම කිර්තියක් බවත් මෙම නිලධාරින්ට තමන් මුලු හදින්ම ස්තුතිය පුදකර බවද පවසන ලදි.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්