රජය මගින් ප්‍රකාශයට පත් කල රුපියල් දහසේ දෛනික වැටුප වතු කම්කරුවන්ට ලබා දිමට පියවර ගන්නා ලෙස වතු හාම්පුතුන්ට බල කරමින් ලංකා කම්කරු රතු කොඩි සංගමය විසින් සංවිධානය කරන ලද උද්ගෝෂනයක් 09වන දින හැටන් කම්කරු කාර්යාලය අසලදි පවත්වන ලදි.
මෙහිදි අදහස් දැක්වු එම සංගමයේ නියෝජ්‍ය ලේකම් සෙල්ලයියා සිවසුන්දරම් මහතා පවසන ලද්දේ රජය විසින් 2021 මාර්තු මස සිට වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙසට දැනුම් දුන්නද එම දෛනික වැටුම මේ වන තෙක් වතු කම්කරුවන්ට නොලැබෙන බවත්ය.
එමෙන්ම එම දෛනික වැටුප් වැඩි කිරිමත් සමග එයට පෙර පැවති අවබෝදතා ගිවිසුමද අහෝසිවි ඇති බවත් එම තත්වයන් මත මේ වන විට වතු කම්කරුවන් පැය අටක් පමන වැඩ කලත් ලැබෙනුයේ රුපියල් තුන් සියයක් හාර සියයක් වැනි මුදලක් බවත්ය.
වතු සදහා අවශ්‍ය පොහොර නැතිවිම මත තේ වතු කැලැ වැදිමට පත්ව ඇති බවත් මෙම තත්වයන් මත තේ දළු නිසි ලෙස නොමැති විමෙන් වතු කම්කරුවන්ට ලබා දෙන ඉලක්කයන්ට තේ දළු කැඩිමට නොහැකි තත්වයක් පවතින බවත්ය මෙම තත්වයන් මත පසු ගිය කාලය පුරාවට සියයට අසුවක් පමන ලාබ ලබා දුන් තේ කර්මාන්තය කඩා වැටිමේ අවදානමකට පත්ව ඇති බවත් එම තත්වයන් මත වතු කම්කරුවන්ගේ ආර්ථිකයද කඩා වැටෙමින් පවතින බවද ඔහු පවසන ලදි.
එමෙන්ම අවබෝදතා ගිවිසුම අහෝසි විමෙන් වතු කම්කරුවන්ට වතු වලින් ලබා දෙන සෞඛ්‍ය පහසුකම්ද මේ වන විට නිසි ලෙස නොලැබෙන බවත් මෙම තත්වයන් මත වතු කම්කරුවන් දැඩි ප්‍රිඩාවන්ට පත්ව ඇති බව එම තත්වයන් මත වතු කම්කරුවන් වෙනත් රැකියා සදහා කොළඹ වැනි ප්‍රදේශයන්ට යන අතර වතු කම්කරු කාන්තාවන් විදෙස් රැකියා සොයා යාමට පටන් ගෙන ඇති බවත් මෙම තත්වයන් මත ඔවුන්ගේ පවුල් ජිවිත විනාශ විමේ අවදානමක් පවතින බවද ඔහු පවසයි.
මෙම තත්වයන් මත වතු කම්කරු පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනයද කඩා වැටෙමින් පවතින බවත් මෙම තත්වයන් තුලින් වතු කම්කරුවන් බේරා ගැනිම සදහා කොන්දේසි විරහිතව රුපියල් දහසේ දෛනික වැටුප වතු කම්කරුවන්ට ලබා දිමට පියවර ගත යුතු බවත් අවබෝදතා ගිවිසුමද නැවත අත්සන් කලයුතු බවද ඔහු තව දුරටත් පවසන ලදි.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්