uke

යුක්‍රේනය සිය ගුවන් කලාපය වසා දැමීමට පියවර ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගුවන් ගමන්වල ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකි වීම හමුවේ මෙම පියවර ගෙන ඇති බවයි.

සිවිල් ගුවන් මගින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම පියවර ‍ගත් බව එරට බලධාරිහු පවසති.

මේ අතර රුසියානු හමුදාව යුක්‍රේනයට එල්ල කළ බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයින් 7 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 19 දෙනෙකු අතුරුදන්ව ඇතැයි යුක්‍රේන පොලීසිය පවසයි.

පඩොල්ස්ක් හා ඔඩෙසා යන ප්‍රදේශවල මිය ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 6 කි.

මේ අතර යුක්‍රේනයේ පවතින තත්ත්වය හේතුවෙන් එහි රැඳී සිටින ලාංකිකයින් ආරක්ෂිතව මෙරටට එවීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා සුදුසු පියවර ගන්නා ලෙස අන්කාරාහිඉ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට විදේශ අමාත්‍යාංශය උපදෙස් ලබා දී තිබේ.

මේ අතර තොරතුරු දැන ගැනීම සඳහා යුක්‍රේනයේ සිටින ලාංකිකයින්ට දුරකතන අංකයක් ද හඳුන්වා දී තිබේ.

More Stories