ලංකා IOC සමාගම ඉන්ධන මිල ඉහළ නංවා ඇත.
ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් සහ පෙට්රල් ලීටරයක් රුපියල් 50 කින් ඉහළ නැංවීමටයි එම සමාගම කටයුතු කර ඇත්තේ.
එම සමාගම පවසන්නේ දින 07 ක් තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 57 ක් දක්වා දෙවරක් අවප්රමාණය වීමෙන් ඉන්ධන ගොඩබෑමේ මිලට සෘජුව බලපා ඇති බවයි.
ලෝක වෙළඳපොලේ ද ඉන්ධන මිල ගණන් ඉහළ යාම සලකා මෙලෙස ඉන්ධන මිල වැඩි කළ බවයි ලංකා IOC සමාගමේ කළමනාකාර අධ්යක්ෂ මනෝජ් ගුප්තා පැවසුවේ.