අද ( 29) මධ්‍යම රාත්‍රියෙන් පසු අතිකාල මත සිදුකරන සියලුම සේවා වාර වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව දුම්රිය එන්ජින් රියැදුරු සංගමය පවසයි.
හෙට (30) දුම්රිය ගමන්වාර වලින් සියයට අනූවක්ම අවලංගු වීමට හෝ ප්‍රමාද වී ධාවනය වීමට නියමිත බව දුම්රිය එන්ජින් රියැදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ පැවසීය.
දුම්රිය වෘත්තිය සංගම් මේ වසරේදී ආරම්භ කරන ලද වර්ජන හේතුවෙන් දින දහයකට ආසන්න කාලයක් දුම්රිය ධාවනයට බාධා එල්ල වී මගීන් දැඩි සේ අසීරුතාවට පත්විය.