කොළඹ උතුර, කොළඹ දකුණ, මැද කොළඹ සහ නුගේගොඩ පොලිස් බල ප්රදේශවලට සහ ගල්කිස්ස සහ කැළණිය පොලිස් බල ප්රදේශවලට ද වහාම ක්රියාත්මක වන පරිදි පැනවූ ඇඳිරි නීතිය අද අලුයම 5ට ඉවත් කර තිබෙනවා.
විදුලි කප්පාදුවල, ඉන්ධන හිඟය සහ ගෑස් අර්බුදය ඇතුළු රට මුහුණ දී සිටින ගැටලුවලට විරෝධය පළ කරමින් ජනාධිපතිවරයාගේ නිවසට පිවිසෙන මිරිහාන – පැගිරිවත්ත පාර අවහිර කරමින් ඊයේ රත්රීයේ විරෝධතාවක් පැවැත්වු අතර එහිදී ඇතිවූ නොසන්සුන්තාව හමුවේයි මෙලෙස පොලිස් ඇඳිරි නීතිය පැනවුයේ.
ජනපති නිල නිවස අසල පැවැත්වුන විරෝධතාවට කඳුළු ගෑස් ප්රහාර ද එල්ල කර තිබේ.
මිරිහාන ජනපති නිවෙස ඉදිරිපිට පැවැති විරෝධතාවක් අතර තුර බස් රථ සහ වහාන රැසකට ගිනි තිබූ බව කියන පුද්ගලයන් 45 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිස අතර එක් කාන්තාවක ද සිටින බව පොලිසිය පවසයි.
ඊයේ රාත්රී ඇති වූ එම කලහාකාරි තත්ත්වය අතර තුරු පොලිස් බසයකට,යුද හමුදා බසයකට,ජීප් රථයකට, ත්රිරෝද රථ කීපයකට හා යතුරු පැදි කීපයකට විරෝධතාකරුවන් විසින් ගිනි තබා තිබිණි.
විරෝධතා පැවැත්වු ප්රදේශවලට මේ වන විට විශේෂ පොලිස් ආරක්ෂාවක් සපයා ඇත.