මධ්‍යම කදුකරයේ ජල විදුලි බලාගාර පහකට ජල සැපයෙන් කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශ ආශ්රිත ප්‍රදේශවලට මෙම දිනවල සවස් කාලයේ අධික වර්ෂාවක් පැවතිමත් සමග එම ජලාශවල ජල මට්ටම් ක්‍රමයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පවසන ලදි.
මේ වන විට එම ජලාශවලට ජලය සැපයෙන් ජල පෝශක ප්‍රදේශ වන මස්කෙළිය, සාමිමලේ, බගවන්තලාව, නොර්වුඩ්, දික්ඔය වැනි ප්‍රදේශවලට වැසි පතිත වන බවත් එම තත්වයන් මත මෙම ජලාශවල ජල මට්ටම් ක්‍රමයෙන් ඉහල යමින් පවතින බවද එම නිලධාරියා පවසන ලදි.
එමෙන්ම හැටන් හා සාංචිමලේ වැනි ප්රදේශවලටද මේ වන විට වැසි පවතින බවත් එම තත්වයන් මත හැටන් හා දික්ඔය ප්‍රදේශයන්ට පානිය ජලය සැපයෙන දික්ඔය ඔටරි හා හැටන් සිංගිමලේ ජලාශවල ජල මට්ටම්ද ක්‍රමයෙන් ඉහල යමින් පවතින බව හැටන් ජල මණ්ඩලයේ නිලධාරියකු පවසනලදි.
මනුර සුදත්