ශ්‍රීලනිප මන්ත්‍රී ශාන්ත බණ්ඩාර හා පියංකර ජයරත්න පක්ෂයේ ප්‍රතිපත්ති වලින් කඩා තමන්ට පක්ෂපාත කරගෙන වරදාන දීමනා හා ඇමතිකම් ලබාදුන් බවට ලබාදුන් වැරදි පූර්වාදර්ශය හේතුවෙන් ජනපති සමග අර්බුදය සාකච්ඡා කිරීම අත්හැර දැමීමට ශ්‍රීලනිප ප්රමුඛ පක්ෂ 11 කණ්ඩායම තීරණය කර තිබේ.
එම පක්ෂ නායකයින් එක්වී සර්ව පාක්ෂික හෝ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබූ රැස්වීම එම පක්ෂ 11 වර්ජනය කරන බව දන්වා ඇත.
ශාන්ත බන්ඩාර පක්ෂය හැර ගොස් රාජපක්ෂ උපායන්ට ගොදුරුවීම බරපතල කාරණාවක් ලෙස සලකා ශ්‍රීලනිප අභ්‍යන්තරය අවුළුවන්නට හේතුවූ අතර මේ හේතුවෙන් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය හා තනතුරු සියල්ල ඉවත් කර තිබේ.