මේ මොහොතේ නව රජයේ ප්රධානම අභියෝගය වී ඇත්තේ එළෙබෙන මහමැතිවරණය සදහා මුහුණ දී පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොහොත් 2/3කට වඩා වැඩි බලයක් ලබා ගැනීමයි. පසුගිය ජනාධිපතිවරණයේ ලැබුණු ඡුන්ද ප්රථිශතයන් අනුව පොදු ජන පෙරමුණට ආසන 127 ක් ලබා ගැනීමට හැකියාව ලැබෙන අතර, එක්සත් ජාතික පෙරමුණ ඇතුලූ සමස්ත විපක්ෂයට ආසන 98 ක් හිමිව ඇති බව ගනන් බලා තිබේ. ඒ අනුව පොදු ජන පෙරමුණට ලබන මහ මැතිවරණයේ දී 2/3ක් ලබා ගැනීමට නම් පාර්ලිමේන්තුවේ තවත් ආසන 23ක් ලබා ගැනීමට සිදුවන අතර ඒ සදහා තවත් වැඩි ඡන්ද ලක්ෂ දොලහමාරකට (12,50000) ආසන්න ප්රමාණයක් පොදු ජන පෙරමුණ විසින් ලබාගත යුතුව තිබේ.
එසේ නම්, මෙම ඡන්ද ප්රමාණය ලබා ගැනීම සදහා ආණ්ඩු පක්ෂය මූලික කාරණු 3ක් ගැන අවධානය යොමු යොමු කරන බව පෙනේ. ඉන් පලමු වැන්න වන්නේ දැනට විපක්ෂය තුළ පවතින අර්බුදය තවත් උත්සන්න කරමින් විපක්ෂ කි්රයාකාරීත්වය ශක්තිමත් වන්නට නොදී එය තව දුරටත් දුර්වල කිරීමයි, දෙවැන්න ජනාධිපතිවරණයේ ලබා ගත් ඡන්ද ප්රමාණයට වැඩි වැඩි ඡන්ද ප්රමාණයක් දෙමළ හා මුස්ලිම් ජාතිකයන් වෙසෙන ප්රදේශ වලන් ලබා ගැනීම සදහා කටයුතු කිරීමයි. තෙවැන්න වන්නේ ජනාධිපතිවරණ ජයග්රහණය සදහා දියත් කළ ඊනියා සිංහල බෞද්ධ ජාතික රාජ්ය ගොඩනැගීම නම් වූ ජාතිවාදී බලවේගයන් තව දුරටත් ශක්තිමත් කරමින් එක්සත් ජාතික පක්ෂය වටා ඇති සිංහල බෞද්ධ ජන්ද වලින් යම් කිසි ප්රථිශතයක් දිනා ගැනීමයි.
මේ සදහා දැනටමත් නව රජය විසින් සැලසුම් කර ඇති බව පෙනේ, දෙමළ හා මුස්ලිම් ප්රජාවන් අතර, එළෙඹෙන මහ මැතිවරණයේ දී යම් කිසි ඡන්ද ප්රමාණයක් නව රජය සදහා ද ලබා දිය යුතු බවට මතයක් එම කණ්ඩායම් නියෝජනය කරන නායකයින් හා විශේෂයෙන් එම ක්ෂේත්ර නියෝජනය කරන ව්යාපාරික ප්රජාව හරහා ගෙන යාමට සැලසුම් කර තිබේ.
එමෙන්ම, විපක්ෂ කි්රයාකාරීත්වය ශක්තිමත් වීම වැලැක්වීම සදහා එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව ප්රශ්ණය තව දුරටත් උත්සන්න කිරීමත්, විපක්ෂයේ ප්රබලයින් ඉලක්ක කරමින් යම් කිසි මර්ධනකාරී වැඩපිළිවෙලක් දියත් කිරීමත් සැලසුම වී තිබේ. රාජිත සේනාරත්න හා චම්පික රණවක ඉලක්ක කරමින් මේ දිනවල දියත් වන කි්රයාකාරීත්වය එහි ප්රථිපලයක් විය හැක.
ඉදිරි මාස කිහිපය තුළ මෙම කි්රයාකාරීත්වය තවත් වර්ධනය විය හැකි අතර, විපක්ෂයේ මෙන්ම, සිවිල් සමාජ ක්ෂේත්රයේ කටයුතු කරනු ලබන තවත් කිහිප දෙනෙකු ඉලක්ක කරමින් මෙම මර්ධනකාරී කි්රයාකාරීත්වය තව දුරටත් ඉදිරියට යනු ඇත.
අවාසනාව වී ඇත්තේ ආණ්ඩුවේ මෙම සැලසුම් පිළිබදව මනා අවබෝධයකින් විපක්ෂය හෝ සිවිල් සමාජය මෙතෙක් කටයුතු නොකිරීමයි. එක්සත් ජාතික පක්ෂය මැතිවරණ පරාජයෙන් පසුව තවමත් තූෂ්නිම් භූතව වගකීම් විරහිතව, කුඩා ළමුන් සේ හැසිරෙමින් තිබේ. ජනාධිපතිවරණයයේ දී ඔවුන්ට ඡන්ද ලබා දුන් 55 ලක්ෂයේ ආරක්ෂාව හා අපේක්ෂාවන් වෙනුවෙන් තවමත් විපක්ෂය පෙනී සිටින බවක් නොපෙනේ. ආණ්ඩුවට 2/3 ලබා නොදීම සදහා එක්සත්ව කටයුතු කිරීම වෙනුවට කෑලි කෑලි වලට බෙදී වෙන්වී සිටීම සදහා සෑම විටම වර්තමාන විපක්ෂ නායකයා ඇතුලූ විපක්ෂයේ ප්රධානීන් කටයුතු කරනු බව නම් පෙනේ.