gossiplanka

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය තනතුරින් ඉල්ලා අස් වීමේ ලිපිය කතානායකවරයාට මීට සුළු මොහොතකට පෙර ඒවා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.

රාජපක්ෂ මහතා මාලදිවයිනේ සිට සිංගප්පූරුවට පැමිණීමෙන් පසු ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට මෙසේ එවා ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට පෞද්ගලික සංචාරයක් සඳහා එරටට පැමිණීමට අවසර ලබාදුන් බව සිංගප්පුරුවේ විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි.

රාජපක්ෂ මහතා එරට රැකවරණය සඳහා ඉල්ලීමක් කර නොමැති බවත් එසේම ඔහුට දේශපාලන රැකවරණය ලබාදී නොමැති බවත් එම නිවේදනයේ දැක්වෙයි.

සිංගප්පුරුව සාමාන්‍යයෙන් සරණාගත ඉල්ලීම් සඳහා අනුමැතිය ලබා නොදෙන බවද එහි දැක්වෙයි.

Similar Posts