oil

වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන ලබාදෙන, සංශෝධනයට ලක් කළ දින විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද පස්වරුවේ නිවේදනය කළා.

ඒ අනුව 0, 1, 2 අංක සඳහා අඟහරුවාදා සහ සෙනසුරාදා දින වෙන් කර ඇති අතර, 3, 4, 5 සඳහා වෙන් කර ඇත්තේ බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනයන්.

ඊට අමතරව අවසන් අංකය 6, 7, 8 සහ 9 යන අංක යෙදෙන රථවාහන සඳහා සඳුදා, බදාදා සහ සිකුරාදා දින වෙන් කර තිබෙනවා.

කිව් ආර් කේත ක්‍රමය කොළඹ නගරයේ ස්ථාන කිහිපයක එළඹෙන 21 වනදා සිට 24 වනදා දක්වා පරීක්ෂාවට ලක් කිරීමට සැළසුම් කර ඇති බවයි අමාත්‍යවරයා ඊට අදාළව නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Similar Posts