Similar Posts
යාපනයේ ගැටුමක්
යාපනය පේදුරුතුඩුව අල්වායි උතුර ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් අයකු මිය ගොස් තවත් පස් දෙදෙකු තුවාල ලබා ඇතැයි පේදුරුතුඩුව පොලීසිය පවසයි. බහින්බස්වීම දුරදීග ගොස් පහරදීමක් දක්වා වර්ධනය වී ඇති අතර පසුව දෙපිරිසම තියුණු ආයුධවලින් පහරදීගෙන ඇති බවත් එහිදී පිහි ඇනුමකින් බරපතල තත්ත්වයේ සිටි අයකු රෝහල්ගත කිරීමේ පසුව මිය ගොස් ඇත.
ලොවපුරා ආහාර හිඟයක් ගැන අනතුරු ඇගවීමක්
බලධාරීන් කොරෝනා අර්බුදය නිසි පරිදි කළමනාකරණය කරගැනීමට අසමත් වුවහොත් ලොවපුරා ‘‘ආහාර හිඟයක්’’ ඇතිවනු ඇතැයි ගෝලීය ආයතන තුනක ප්‍රධානීහු අද (01) අනතුරු ඇඟවූහ. ජනතාව හදිසි බියට පත්ව ආහාර එක්රැස් කිරීම නිසා සුපිරි වෙළෙඳ සාප්පුවල රාක්ක මෙන්ම කුඩා කඩ සාප්පු ද හිස්ව ගොස් ඇත. දිගුකාලීන ‘ලොක්ඩවුන්’ ක්‍රියාමාර්ග හා නියෝග මෙන්ම සංචාරක සීමා හේතුවෙන් කෘෂිකාර්මික ක්ෂේත්රයට කම්කරුවන්ගේ හිඟයක් ඇතිවනු ඇති බවත් එයින් කෘෂිකාර්මික නිෂ්පාදනවලට බාධා එල්ල විය හැකි…
වටවල ආසාදිතයන් ඉහලට
වටවල ඇගලුම් කම්හලින් තවත් කොවිඩ් ආසාදිතයන් 12 දෙනකු හමුවිමත් සමග එම ඇගලුම් කම්හලේ කොවිඩ් ආසාදිතයන් ගනන 63 දක්වා ඉහල ගොස් ඇති බව අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය දිනක වටවල ඇගලුම් කම්හලේ සේවකයන් කිප දෙනකු අහඹු පි. සි. ආර්….
66% කින් විදුලි ගාස්තු ඉහට : කප්පාදුව නවතී : බිල වැඩි වෙන්නේ මෙහෙමයි
66% කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලබා දුන්නේ ය. ඒ අනුව ඊයේ (15) සිට නව විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මකයි. අද (16) සිට විදුලිය විසන්ධි නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, විදුලි බිල වැඩි කිරීම හේතුවෙන් විදුලිය විසන්ධි නොකරන බවයි. විදුලි බිල ගෙවා ගැනීමට ආර්ථික…
කළුතරට සහ ගම්පහට සහල් බෙදා දිම අද සහ හෙට
කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා සහල් ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව අභ්‍යන්තර වෙළෙඳ ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය පැවසුවේ අද සහ හෙට යන දෙදින තුළ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි. සෙසු ප්‍රදේශ සඳහා ද අඛණ්ඩව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි ලේකම්වරිය සඳහන් කළේ.
මිනුවන්ගොඩ බරපතලයි
මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් 15ක කොරෝනා අවදානමක් මතු වී තිබෙන බව එම කලාප අධ්යක්ෂ වජිර රණරාජා මහතා සඳහන් කරයි. එම කලාපයේ පාසල් කිහිපයක සිසු සිසුවියන් දස දෙනෙකු කොරෝනා ආසාදිතයන් වී ඇතැයි ද මවුපියන් 14 දෙනකු, ගුරුවරුන් කිහිප දෙනෙකුද ආසාදිතයන් වී ඇතැයි ද ඔහු පැවසීය. දැනට එම කලාපයේ පාසල් සිසු සිසුවියන් 78 දෙනකු නිරෝධායනයට ලක්ව සිටින…