karmantha

ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙරට සුළු හා මධ්‍ය පරිමානයේ කර්මාන්ත රැසක් බිඳ වැටී ඇති බව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සංගමය පවසයි.

එහි සභාපති ටානියා අබේසුන්දර පැවසුවේ ලංගම ඩිපෝ හරහා කර්මාන්ත සඳහා ඉන්ධන නිකුත් කිරීමට වැඩපිළිවෙලක් සකස් කර ඇතත් එය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවයි.

පවතින ගැටලු හේතුවෙන් මෙරට සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත විසිදහසකට වැඩි ප්‍රමාණයක් වැසී ගොස් ඇති බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.

Similar Posts