පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව ඔහුට එරෙහිව නඩු කටයුතු පවත්වාගෙන යාමට නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කළ ඉල්ලීමට පාර්ශ්ව කිහිපයක් විරෝධය පළ කළේය.

නීතිඥ සංගමය, කතෝලික පියතුමන්ලා, පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත් පුද්ගලයින් සහ මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් ගොනුකර තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා මීට පෙර අධිකරණය හමුවේ විරෝධතාවක් මතු කරමින් කියා සිටියේ තම සේවාදායකයා ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වී ඇති හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන වගන්තිය යටතේ ඔහුට එරෙහිව නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට නොහැකි බවය.

 

Similar Posts