sinhala wal katha

‘කොවිඩ්’ ආසාදිත රෝගීන් 180 දෙනකු ඊයේ (8) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.

ඒ අනුව මෙරටින් වාර්තා වූ මුළු ‘කොවිඩ්’ රෝගීන් සංඛ්‍යාව 666,944 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.

පුද්ගලයන් දෙදෙනකු පෙරේදා (7) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා  තහවුරු කළේය.

මියගිය පුද්ගලයන් දෙදෙනාම වයස අවුරුදු 60 ට වැඩි අය බවත් එම පුද්ගලයන් අතර පිරිමියකු සහ කාන්තාවක් වන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.

Similar Posts