සමාජ මාධ්‍යවල හැසිරීම පාලනය කිරීම සඳහා සමාජ මාධ්‍ය නියාමනය සඳහා වන පනත කඩිනම් කරන ලෙසත් තවත් පනත් හතරක් කඩිනමින් සංශෝධනය කරන ලෙසත් ආරක්ෂක ප්‍රධානීන් රජයට යෝජනා කර ඇත.
මෙම පනත් සංශෝධනය කළයුතු බවට අධිකරණ අමාත්‍යංශයට දිගින් දිගටම දැනුම් දුන්නද කඩිනමින් මෙම පනත් බලාත්මක නොවීමෙන් අරගලකරුවන් රාජ්‍ය දේපළ විනාශ කිරීමට සමාජ මාධ්‍ය උපයෝගී කරගත් ආකාරය ආරක්ෂක ප්‍රධානීහු පෙන්වා දී ඇත.
ආසියානු කලාපයේ දුර්වලම නීති පවතින්නේ මෙරට තුළ බැවින් වහාම මෙම නීති සංශෝධනය සඳහා ඉදිරිපත් කළ සංශෝධන ක්‍රියාවට නැංවීමට අධිකරණ අමාත්‍යංශය වෙත පැවැරීමට මෙහිදී තීරණය කර තිබේ.