බී.ඒ 5 කොවිඩ් අනු ප්‍රභේදය දිවයිනේ තවත් ප්‍රදේශ ගණනාවකින් සොයාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.
පරීක්ෂාවට ලක් කර ඇත්තේ කොළඹ ගම්පහ කුරුණෑගල සහ පුත්තලම යන ප්‍රදේශවලින් ලබාගත් කොවිඩ් ආසාදිතයන්ගේ ජෛව පටල සාම්පලයන්ය.
වේගවත් පැතිරීමක් සහිත බී.ඒ 5 කොවිඩ් අනු ප්‍රභේදය ප්‍රදේශ කිහිපයකින් මීට පෙරද සොයා ගැනිණ.