eggs

රජය විසින් බිත්තර මිල අඩු කලද  බිත්තර පැරණි මිලට විකිනිම සිදු කරන බව  පාරිභෝගිකයන් පිරිසක් පවසති.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම පිරිස් පවසනුයේ රජය මගින් බිත්තර මිල අඩුකරමින් නිවේදනයක් ප්‍රකාශයට පත් කලද බිත්තර මිල අඩු කර නොමැති බවත් මෙම ප්‍රදේශයේ බිත්තරයක මිල රුපියල් 60ත් 64ත් අතර මිලකට අලෙවි වන බවත්ය.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දක්වන බිත්තර වෙළදුන් කිප දෙනකුම පවසන ලද්දේ රජය මගින් ප්‍රකාශෙයට පත් කර ඇති මිලට බිත්තර ලබා දිමට නොහැකි තත්වයක්  පවතින බවත්ය.

බිත්තර තොග මිලද පාලන මිලට වඩා ඉහල ගොස් ඇති බවත් එවන් තත්වයන් මත රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති මිලට බිත්තර අලෙවි කිරිමට නොහැති තත්වයක් පවතින බවත්ය.

එම තත්වයන් මත ඉදිරියේදි බිත්තර අලෙවි කිරිම නතර කර දැමිමට තමන්ට සිදු වන බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts