මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින අයහපත් කාලගුණික තත්වයන් මත හැටන් කොළඹ මාර්ගයේ හා හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිපයක විටින් විට පවතින දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් එම මාර්ගවල විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් පවතින බව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු පැවසිය.

මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම නිලධාරියා පවසනුයේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල, කැරලයිනා, කඩවල, දියගල, ප්‍රදේශවල මෙන්ම හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම, කොටගල, දිඹුල පතන, රදැල්ල, යන ප්‍රදේශවල මෙම මීදුම් තත්වයන් විටින් විට දැඩිව පවතින බවත්ය.

එම තත්වයන් මත සමහර අවස්ථාවලදි මෙම ප්‍රදේශවල මාර්ගය නොපෙනි යන තත්වයන්ට පත් වන බවත් එවන් අවස්ථාවලදි විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් පවතින හෙයින් එම මාර්ගවල රථ වාහන ධාවනයේදි රථ වාහනවල ඉදිරි පස ලාම්පු දල්වා ඉතා පරිස්සමින් රථ වාහන ධාවනය කරවිමට සියලුම රියදුරන් පියවර ගත යුතු බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts