
More Stories

අස්වැසුම තවත් ලක්ෂ හතරකට ජනාධිපති අනුර කුමාර දිසානායක
අස්වැසුම සුභසාධන වැඩසටහනට තවත් ප්‍රතිලාභීන් 400,000ක් එක් කිරීම සඳහා රජය පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. මෙය දිවයිනේ අඩු ආදායම් සහ ආරක්ෂා කළ යුතු සමාජ කණ්ඩායම් සඳහා සුරක්ෂිත ජීවිත ලබාදීමේ ක්‍රියාවලියක් ලෙස හැදින්වේ. මෙම ප්‍රකාශය, 2025 මාර්තු 17 වැනිදා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ අස්වැසුම සුභසාධන සැලැස්ම සම්බන්ධ නව යෝජනාවලියට අනුව,…

ගිය වසරට සාපේක්ෂව හාල්, බිත්තර මිල අඩු වෙලා; පොල්, පොල්තෙල් වැඩි වෙලා ලෝක ආහාර සංවිධානයේ මාර්තු වෙළඳපොළ නිරීක්ෂණ වාර්තාව
2023 දී 2.3%ක ආර්ථික කඩාවැටීමකට පසුව, ශ්‍රී ලංකාව 2024 දී 5.0%ක ආර්ථික වර්ධනයක් ලබාගෙන ශක්තිමත් ආර්ථික ගොඩඒමක් ප්‍රදර්ශනය කළ බව ලෝක ආහාර වැඩසටහනේ (WFP) 2025 මාර්තු වෙළඳපොළ නිරීක්ෂණ වාර්තාවේ සඳහන් වේ. මෙය ප්‍රධාන වශයෙන් 11%ක වර්ධනයක් දැක්වූ කාර්මික අංශය මඟින් සක්‍රිය වූ අතර, සේවා අංශය සීමිත වර්ධනයක් පමණක් දැක්වීය. ඒ අතර, කෘෂිකර්ම අංශයේ 0.2%ක බිඳවැටීමක්…

ටියුෂන්වලටත් ළඟදීම බදු පැනවෙයිද? අවුරුද්දකට රු. බිලියන 210ක ටියුෂන් ආර්ථිකයක්
රජයට අයත් සිළුමිණ පුවත්පතේ අප්‍රේල් 6දා පළවූ වාර්තාවක් අනුව, ටියුෂන්වලට බදු පැනවීමේ අදහසක් රජයට පහළ වී ඇති බවට අනුමාන කළ හැකිය. මෙම මස සිට රජයේ සේවකයන්ට වැටුප් වැඩි කිරීමක් ද කර තිබෙන රජය බදු ආදායම් වැඩි කරගැනීම කෙරෙහි විශාල අවධානයකින් කටයුතු කරයි. ටියුෂන් පන්ති පවත්වන දේශකවරුන් හා ගුරුවරුන් වාර්ෂිකව රුපියල් බිලියන 210ක ආදායමක් උපදවනමුත් රජයට…

ලංකා බැංකුවෙන් ළඟදීම ණයකර නිකුතුවක් වටිනාකම රු. බිලියන 15ක්
ලංකා බැංකුව විසින් රු. 100 බැගින් මිල සලකුණු කරන ලද ණයකර කොටස් මිලියන 100ක් නිකුත් කිරීමට සැලසුම් කර තිබේ. එහි වටිනාකම රු. බිලියන 10කි. එයට අධි ඉල්ලුමක් ලැබුණොත් තවත් රු. බිලිය න පහක් වටිනා කොටස් මිලියන 50ක් නිකුත් කිරීමට ලංකා බැංකුව අදහස් කරයි. ෆිච් රේටිං ආයතනය විසින් මෙම ණයකර නිකුතුව සඳහා A(EXP)(lka) ජාතික දිගුකාලීන වර්ගීකරණයක්…

ලංවිම විදුලි ගාස්තු 10%කින් වැඩි කරන්නට යයි - අනිද්දා පුවත්පත
විදුලි ගාස්තු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව 2024 වසරේ හඳුන්වා දී ඇති මාර්ගෝපදේශ අනුව හදිසි විදුලි ගාස්තු වැඩිකිරීමක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දුට පසුගිය 24දා දැනුම් දී ඇති බව අනිද්දා පුවත්පත වාර්තා කරයි. අදාළ ලිපිය විදුලිබල ඇමතිවරයාට, විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ…

පරාටේ ගැටලුවට විසඳුම් අවශ්‍යයි ව්‍යාපාරිකයන් හා තැන්පත්කරුවන් දෙපිරිසම ආරක්ෂා විය යුතුයි
පරාටේ නීතිය යනු කුමක්ද? යම් දේපළක් බැංකුවට උකස් කර ණය මුදලක් ලබා ගත් පසු, ඒ ණය මුදල සහ ඊට අදාළ පොළී මුදල ණය ගිවිසුමෙන් එකඟ වූ පරිදි නියමිත කාලවකවානුවේදී ගෙවිය යුතුයි. එහෙත් ණය ලබාගන්නා එය ගෙවීමට දිගින් දිගටම අසමත් වුවහොත් බැංකුවට එම ණය මුදල හා පොළිය අධිකරණ ක්‍රියාවලියකින් තොරව අය කරගත හැකියි. පරාටේ නීතිය කියන්නේ එයටයි….