ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාව සමග අද පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් ලබාගැනීමට පකිස්ථානය සමත්වුණා.
ආසියානු කුසලානයේ සුපිරි කණ්ඩායම් හතර දෙනාගේ වටයේ දෙවැනි තරගය ලෙසින් ඉන්දු – පාකිස්ථාන තරගය ඩුබාහි හිදී පැවැත්වුණේ 25000කට අධික ප්රේක්ෂක සහභාගිත්වයෙන්.
මුලික වටයේදී මෙම පසමිතුරන් එකිනෙකා මුණ ගැසුණු අවස්ථාවේදී පාකිස්ථානුවන් අභිබවා ඉන්දියානුවන් නැගී සිටියා.
ඉන්දියානුවන් නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 7ක් දැවී ලකුණු 181ක් ලබා ගනිමින්.
ඒ අනුව පාකිස්ථානය පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ජයග්රාහී ඉලක්කය පසු කළා.
ආසියානු කුසලාන තරගාවලියේ තීරණාත්මක මීළඟ තරගය ලබන අඟහරුවාදා පැවැත්වෙනවා.
ඒ ශ්රී ලංකාව සහ ඉන්දියාව අතරයි.