econimc

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වාර්තාවේ ආර්ථික අපරාධ සම්බන්ධයෙන් කරුණු දැක්වීම හරහා ශ්‍රී ලංකාවේ අනාගතයට අහිතකර බලපෑම් ඵල්ල විය හැකි බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධානය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ වාර්තාව ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරයට ඉදිරිපත් කෙරුණේ ඉකුත් 12 වනදායි. ඒ, වැඩබලන මානව හිමිකම් කොමසාරිස් නඩා අල් නෂීෆ් විසින්.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි එහිදී අදහස් පළ කරමින් සදහන් කළේ මානව හිමිකම් කොමසාරිස්වරිය ඉදිරිපත් කර ඇති 46/1 යෝජනාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංඝනය කරන බවයි.

Similar Posts