dipawali

dipawali

හිංදු ජනතාවගේ වීශේෂ උත්සවයක් වන දිපවාලි උත්සවය ලබන මස යෙදි ඇති බැවින් එම උත්සවය සැමරිම සදහා වතු කම්කරුවන්ට රුපියල් 25000/= අත්තිකාරමක් ලබා දිමට පියවර ගන්නා ලෙස වතු සමාගම්වලින් ඉල්ලා සිටින බව ශ්‍රිලංකා නිදහස් සේවක සංගමයේ නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකාරක පි. ප්‍රදිපන් මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු පි. ප්‍රදිපන් මහතා හිංදු ජනතාවගේ වීශේෂ උත්සවක් වන දිපවාලි උත්සවය මෙවර ඉහලින් සැමරිමට වතු කර ජනතාවද සුදානමින් සිටිනවා එහෙත් පවතින ආර්ථික ප්‍රශ්න මත එම ජනතාව දැඩි ප්‍රිඩනයකට ලක් වෙලා ඉන්නේ.

එම නිසා එම වතු කම්කරු ජනතාවට මෙවර දීපවාලි උත්සවය සැමරිම සදහා වතු සමාගම් මගින් රුපියල් 25000ක මුදලක් අත්තිකාරම් ලෙස ලබා දිමට පියවර ගන්නේ නම් එය වතුකම්කරුවන්ට කරනු ලබන විශාල සහනයක්.

මෙම අත්තිකාරම් මුදල්  වසරකින් එම වතු කම්කරුවන්ගෙන් අය කර ගන්නා බැවින් වතු කම්කරුවන්ට මෙවර දිපවාලි උත්සවය සැමරිම සදහා මෙකි අත්තිකාරම් මුදල ලබා දිමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බවද ප්‍රදිපන් මහතා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts