ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතාගේ නව දිල්ලි හි පිහිටි නිවසේ විදුලි පරිපථයක ඇතිවූ දෝෂයක් හේතුවෙන් ගින්නක් හටගෙන ඇති බවත් අගමැතිවරයාගේ ආරක්ෂක ඒකකය විසින් ගින්න මැඩ පවත්වා ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ගින්න ඇතිවීමත් සමග ගිනි නිවීමේ රථ 09ක් අගමැතිවරයාගේ නිල නිවෙස වෙත පිටත් කර හැරීමට ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුනත් එම රථ වලට අගමැතිවරයාගේ නිවසට ඇතුල්වීමට ආරක්ෂක අංශ අවසර ලබාදී නොමැත.
ගින්න හටගෙන ඇත්තේ විශේෂ ආරක්ෂක ඒකකයේ පරික්ෂා කිරීම් සිදුකරන පිළිගැනීමේ කාර්යාලයේ බවත් ඉන්දීය අගමැති කාර්යාලය ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.