හැටන් දික්ඔය නගර සභාව මගින් පාලනය කරනු ලබන හැටන් නගරය මේ වන විට කසල පිරි නගරයක් බවට පත්ව ඇති බව සමස්ථ ලංකා ප්රගතිශීලි සේවක පෙරමුණ සභාපති ආචාර්ය එස්. පී. ඉගංගෝ මහතා පවසයි.
හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි.
හැටන් නගරය සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් යන විවිධ ජාතින් එකට ජිවත් වන නගරයක් එම තත්වයන් මත හැටන් නගරය සාමයේ නගරය ලෙසත් හදුන්වනවා එත් මේ වන විට නගරයේ බොහෝ ස්ථානවල කුණු කසල ගොඩ ගැසිමත් සමග මෙම හැටන් නගරය ඉදිරියේදි කසල පිරි නගරයක් ලෙස ජනතාව හදුන්වන්නත් පුලුවන්.
මොකද අද ප්‍රධාන බස් නැවතුම් පලට ගියත් දුගද හමන කසල ගොඩක් අධිකරණයට යන මාර්ගයෙත් දුගද හමන කසල ගොඩක්, කම්කරු කාර්යාලය අසලත් දුගද හමන කසල ගොඩක් මාර්ග අයිනෙත් කසල ගොඩවල් තැන තැන මෙසේ කසල ගොඩවල් හේතුවෙන් මෙම ප්‍රදේශයන් තුල මැසි මදුරු උවදුරද මේ වන විට ඉහල ගිහින් තියෙන්නේ මෙම තත්වයන් මත ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යටත් විවිධ තර්ජන එල්ලවිමේ අවදානමක් පවතිනවා.
පලාත් පාලන ආයතනයක ප්‍රධාන වගකිමක් තමයි ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය තත්වයන් රැක දිම එත් හැටන් දික්ඔය නගර සභාව මෙසේ තැන තැන කසල ගොඩ ගැසිමෙන් සිදුවන්නේ ප්‍රදේශයේ ජනතාවට විවිධ ලෙඩ රෝග බෝවිමට ඉඩ සැලැස්විමයි.
අපි විටින් විට මේ පිලිබදව නගර සභා බලධාරින්ට පවසනවා එවිට ඒ අය කියන්නේ එකතුවන කසල දාන්න තැනක් නැහැ කියලා මේ කසල දාන්න නගර සභාවට ඉඩමක් තිබුනා එය හිටපු සභාපතිවරයෙක් විකුනගෙන කැවා එය කොහොම වුනත් තැනක් නැහැ කියන එක මෙම ප්‍රශ්නයට විසදුම නොවෙයි මේ නුවරඑළිය දිස්ත්‍රිකය නියෝජනය කරන පක්ෂ විපක්ෂ පාර්ලීමේන්තු මංත්‍රිවරුන් අට දෙනෙක් ඉන්නවා එත් මේ කිසිම කෙනකුට මේ නගර සභාවට කසල දාන්න ඉඩමක් සොයා දෙන්න බැරි වෙලා තියෙනවා.
මේ අයට මෙහි ජනතාවගේ ඡන්දය විතරයි අවශ්‍ය මෙහි තියෙන පොදු ප්‍රශ්නයක්වත් විසදන්න මේ අයට අවශ්‍ය නැති බවයි මෙම තත්වයන් මත අපිට පෙනි යන්නේ මෙම තත්වයන් පිලිබදව සමස්ථ ලංකා ප්රගතිශීලි පෙරමුණ හැටියට අපි ජනාධිපතිතුමන්ගේ අවදානය යොමු කිරිමටත් පියවර ගන්නවා මේ ප්රශ්නය විසදිමට අපිට විශාල අවශ්‍යතාවයක් පවතිනවා
මනුර සුදත් සෙල්ලහේවා හැටන්