2023 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට අදාල ඡන්දය වැඩි ඡන්ද 37කින් ජයග්‍රහණය කළා.
ඒ අනුව අයවැය දෙවනවර කියවීමේ දී ඊට පක්ෂව ඡන්දව 121ක් ද විපක්ෂව 84ද ලැබී තිබුණා.
මේ අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන එක් අයෙක් ඡන්දය ලබා දීමට පැමිණියේ නැහැ.
පසුගිය 14 වැනි දා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම අය වැය මගින් 2023 වසරේ රජයේ වියදම ලෙස රුපියල් බිලියන 7885ක් වෙන් කිරීමට යෝජනා කෙරුණා.