අධික ශීත කාලගුණය දරාගත නොහැකිව ගවයින් සහ එළුවන් විශාල පිරිසක් මියගොස් ඇත. කිලිනොච්චිය, මුලතිව් හා වව්නියාව යන දිස්ත්‍රික්කවල පමණක් එලෙස මියගොස් ඇති ගවයින් සංඛ්‍යාව 250 කට ආසන්නයි. මෙම දිස්ත්‍රික්කවල එළිමහන් ගවමඩු රැසක් පවතින බවත්, එවැනි ගවමඩුවල සිටි ගවයින් මෙලෙස මියගොස් ඇත. වව්නියාවේ සහ කිලිනොච්චියේ උෂ්ණත්වය පවා දැක්වුණේ සෙල්සියස් අංශක 19 කටත් පහළ මට්ටමකයි.
ජාත්‍යන්තර වායු දූෂණ මට්ටම් පරීක්ෂා කෙරෙන වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ වායු දූෂණ මට්ටම තවමත් පවතින්නේ සැලකිය යුතු මට්ටමකයි. ඒ අතරින් ගම්පහ වායු දූෂණ මට්ටම 153 සීමාව ඉක්මවා ගොස් තිබුණා. ජාත්‍යන්තර දත්තවලට අනුව 101 ත් 200 ත් අතර අගයක් යනු වායුගෝලයේ අයහපත් මට්ටමක් වනවා. කොළඹ, මීගමුව, යාපනය, රත්නපුර, මහනුවර සහ අම්බලන්තොට යන නගරවල එම අගය පැවතුනේ 110 ත් 131 ත් අතර අගයන්වලයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ දත්තවලට අනුව හම්බන්තොට, බදුල්ල, කෑගල්ල, බත්තරමුල්ල, යාපනය සහ මන්නාරම යන නගර ආශ්රිත වායුගෝලයේ දූෂණ මට්ටම පැවතුනේ සංවේදී පිරිස් වෙත යම් බලපෑමක් එල්ල කළ හැකි මට්ටමකයි.
මැන්ඩවුස් චණ්ඩ සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට මරණ 03 ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඉන් නිවාස 1,300කට පමණ හානි සිදුවී ඇති බවද සඳහන්ය.
බලංගොඩ කුබුල්මුල්ල මොරහැල ප්‍රදේශයේ තම ගෙවත්තේ තේ දළු නෙලමින් සිටි 51හැවිරිදි කාන්තාවක් මතට ගිනිකූරු ගසක අත්තක් කඩාවැටීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබුණි.