power

යළි විදුලි බිල වැඩි කරමින් ජනතාව මත බර පැටවීමට පෙර දේශපාලනඥයින්ගෙන් සහ රාජ්‍ය ආයතනවල හිඟ බිල්පත් අයකර ගැනීිමට කටයුතු කරන ලෙස ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසයි.

එලෙස අයකර ගැනීමට නියමිත හිඟ බිල්පත් වල අගය රුපියල් බිලියන තිස් නවයක් පමණ වන බවයි මහජන සභාව සංවිධානය කළ මාධ්‍ය හමුවකට එක් වෙමින් ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් සඳහන් කළේ.

ලබන වසරේ සිට විදුලි බිල වැඩි කිරීමට රජය පියවර ගතහොත් ඒ සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රියා කරන ලෙසයි නීතීඥ ප්‍රජාවගෙන් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ඉල්ලීමක් කළේ.

Similar Posts