Similar Posts
ඉදිකිරීම් ක්ෂේත්රයේ භාණ්ඩ මිලත් අඩුවෙයි
සිමෙන්ති ඇතුළු ඉදිකිරීම් ක්ෂේත්රයේ භාණ්ඩ කිහිපයක මිල ගණන් පහළ ගොස් තිබේ. ඒ පිලිබදව වෙළෙඳසැල් හිමියන් දැක්වූ අදහස්, “සිමෙන්ති මිල දැන් රුපියල් 400ක් විතර අඩුවෙන් විකුණන්නේ… රුපියල් 2,200යට. ගල්වලට 10%ක වගේ මිලක් අඩු වුණා. යකඩ ටොන් එකට රුපියල් 90,000ක් විතර අඩුවෙලා තියෙනවා.. මාස 03ක් වගේ ඇතුළත. තීන්ත වර්ගවලත් මිල ගණන් අඩුකරලා එවලා තියෙනවා. සමහරු බොරුවට වැඩිකරලත්…
දරුවන්ගේ කුස ගින්න දරාගත නොහැකිව පියා සිය දිවි හානි කරගනී
දින තුනක් තිස්සේ ගෙදර කෑමට දෙයක් තිබුනේ නැහැ. සැමියා දරුවන්ට කෑමට දෙයක් ගන්න කීයක් හරී සොයාගෙන එන්නම් කියලා ගියා.එයා ගෙදර ආවේ නැති නිසා මම ගෙදර තිබුණු පුටු දෙකක් විකුණලා දරුවන්ට කන්න දෙයක් හදලා දුන්නා යැයි වැලිපැන්න ප්‍රදේශයේ ගෙල වැලලාගෙන මියගිය පුද්ගලයකුගේ මරණ පරීක්ෂණයේදී මියගිය අයගේ බිරිඳ වැලිපැන්න හදිසි මරණ පරීක්ෂක නිහාල් ජයනෙත්ති මහතා ඉදිරියේ සාක්ෂි…
දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට
දුම්රිය සංඥා දෝෂ වලට විසඳුම් නොලැබීම සහ සේවක ගැටලු කිහිපයක් මුල් කරගනිමින් මරදාන දුම්රිය විදුලි පණිවුඩ හුවමාරු මධ්‍යස්ථානයේ සේවාවලින්, අද (13) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක කාලයක් ඉවත්වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් තීරණය කර ඇත. මේ හේතුවෙන් හෙට (14) දුම්රිය ප්‍රමාදයන් සිදුවිය හැකි බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ.
කොළඹ සරසවියේ නවකවදය ගැටුම ගැන පරීක්ෂණයක්
කොළඹ සරසවියේ ආපනශාලාවකදී ඇති වූ ගැටුම පිළිබඳව පාලනාධිකාරිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ආපනශාලාවක් තුළදී නවකවදය සිදුවීමක් මුල්කර ගනිමින් ඇති වූ ගැටුමකින් තුවාල ලැබු සිසුවෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි. ඒ සම්බන්ධයෙන් සැකපිට කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් දැඩි ලෙස පහළට
මධ්‍යම කදුකරය තුල පවතින වියළි කාලගුණික තත්වයන් මත කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් මේ වන වි්ට දැඩි ලෙස පහල බැස ඇති බව එම ජලාශ බාර නිලධාරියක් පවසන ලදි. මෙම ජලාශවල ජල මට්ටම් මෙසේ පහල බැසිමත් සමග ජල විදුලිය නිපදවිමද අඩු මට්ටමක පවතින බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්
IMF ණය ගැන පාර්ලිමේන්තු විවාදය 25 සිට
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳ විවාදය අප්‍රේල් 25 වනදා සිට පැවැත්වීමට තීරණය කර තිබේ. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පැවසුවේ එහිදී දේශපාලන පක්ෂ සදහා තම රටට සහය දෙනවාද නැද්ද යන්න තීරණය කිරීමට අවස්ථාව සැලසෙන බවයි. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී…