breakingnews

ඊයේ රාත්‍රිෙය්දී අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඇප පිට මුදා හැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා විසින් අද දින කටයුතු කර ඇත. එසේ ඇප නියම කර ඇත්තේ ඒ මහතා අද සවස නුගේගොඩ මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත්කිරීමෙන් පසුවය.

ඊයේ සිදු වූ රන්ජන් රාමනායක මහතාගේ අත්අඩංගුවට ගැනීම පිළීබඳ දැඩි විරෝධයක්ද සමාජ මාධ්‍ය තුළ ප්‍රකාශ වී තිබුණි. අද දින රන්ජන් රාමනායක මහතාට ඇප ලෙස නියම කර ඇත්තේ රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකකි.

ඇප ලබා නිදහස් වීමෙන් පසු රන්ජන් රාමනායක මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මේ වන විට මාධ්‍යෙව්දීන් නොඉවසිල්ලෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අවට සිටී.

Similar Posts