karujaya

වසර 75 ක් තුළ සිදුව ඇති අඩු පාඩු සකස් කර ගනිමින් ඊළඟ පරපුරට අභිමානවත් රටක් බාර දීමට එක් වන ලෙස පක්ෂ විපක්ෂ සියලු දෙනා ගෙන් ඉල්ලා සිටින බව හිටපු කතානායක කරූ ජයසූරිය මහතා පැවසීය.

තම දේශපාලන ජීවිතයේ කිසිදු අවස්ථාවක කිසිවෙකුට පරිභව හෝ විවේචනය නොකළ බව සිහිපත් කළ කරූ ජයසුරිය මහතා තමා කිසි විටෙක නීති විරෝධී කටයුත්තක් නොකළ බවද පැවසීය.

නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට ගත් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස මාදුළුවාවේ සෝභිත හිමි යෝජනා කළ යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් තම දේශපාලන දිවිය කැප කළ බවත් මෙම ශ්‍රී ලංකාභිමාන්‍ය ජාතික සම්මානය තමන් අනුගමනය කළ ප්‍රතිපත්තිවලට ලබා දුන් ගෞරවයක් බවත් ජයසූරිය මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ශ්‍රී ලංකාභිමාන්‍ය”ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීමෙන් අනතුරුව කරූ ජයසූරිය මහතා මේ බව කීය.

Similar Posts