පාන් පිටි මිල අඩුවිමත් සමග පාන් රාත්තලක මිල අඩු කිරිමට පියවර ගත්තද හැටන් නගරයේ සමහර බේකරිවල පාන් මිල තව දුරටත් ඉහල මිලකට අලෙවි කිරිමත් සමග මෙම ප්රදේශයේ පාරිභෝගිකයන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්රදේශයේ පාරිභෝගිකයන් පිරිසක් පවසනුයේ රුපියල් 160ක මුදලකට අලෙවි කල පාන් රාත්තල රුපියල් 150 දක්වා අඩු කිරිමට පියවර ගත්තද හැටන් නගරයේ සමහර බේකරි හිමියන් එම මිලට පාන් අලෙවි නොකරන බවත්ය.
බේකරි දෙක තුනක පාන් රාත්තල රුපියල් 150ට අලෙවි කලද නගරයේ තවත් සමහර බේකරිවල පාන් රාත්තල රුපියල් 180ත් 190ත් අතර මිලකට අලෙවි කරන බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත් වන බවත්ය.
මේ පිලිබදව ප්රශ්න කරන අවස්ථාවලදි සමහර තම බේකරි ගැස් උපයෝගි කර ගෙන පාන් නිපදවන හෙයින් පාන් මිල අඩු කල නොහැකි බව සමහර බේකරි හිමියන් පවසන බවද එම පිරිස් පවසති.
මෙකි සමහර බේකරි හිමියන් විවිධ දේ පවසමින් අහිංසක පාර්භෝගිකයන් ගසා කැමට ලක් කිරිමට පියවර ගෙන ඇති බවත් මෙම තත්වයන් පිලිබදව අදාල නිලධාරින්ගේ දැඩි අවදානය යොමු විය යුතු බවද එම පිරිස් වැඩි දුරටත් පවසන ලදි.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්