දෛනිකව යළිත් රට තුළ කොවිඩ් වෛරස රෝගීන් වාර්තා වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සදහන් කරයි.
මේ දිනවල දෛනිකව යම් කොවිඩ් වෛරස රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙමින් පවතින බවත් එම තත්ත්වය හමුවේ අවදානම් කණ්ඩායම් කොවිඩ් මාර්ගෝපදේශ අනුගමනය කිරීම ඉතා වැදගත් බවද වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කරයි.
මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ තවදුරටත් සඳහන් කළේ,
“පසුගිය දින කිහිපය තුළ දී කොවිඩ් රෝගීන් යම් ආකාරයක දෛනිකව වාර්තා වීමේ තත්ත්වයක් උද්ගතවෙලා තියෙනවා. විශේෂයෙන් යාපනය රෝහලෙන් වාර්තා වුණා. කොවිඩ් මරණයක් වාර්තා වුණා. ඊයේ දිනයේ හා පෙරේදා දිනයේ කොවිඩ් රෝගීන් කිහිපදෙනෙක් වාර්තා වන සෞඛ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කරලා තියෙනවා.
මේ තත්ත්වය අපි යම් ආකාරයක අවධානයට ගත යුතු තත්ත්වයක්. විශේෂයෙන් මේ වෙනකොට යම් ආකාරයක රට පුරා ශ්වසන රෝගී තත්ත්වයේ වැඩිවීමක් අපි දකිනවා. මේ අතරේ කොවිඩ් රෝගීන් ඉන්නවා ද කියන කාරණය පිළිබඳ යම් නිරීක්ෂණයක් හා පරීක්ෂණයක් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ මොහොතේ අවධානය යොමුකළ යුතුයි.”