babara

නොර්වුඩ් එල්බඩ පහාල කොටස ද්‍රවිඩ විදුහලට එල්ලවු බබර ප්‍රහාරයකින් එම විදුහලේ ඉගෙනුම ලබමින් සිටි සිසු සිසුවියන් හතර දෙනකු තුවාල ලබා දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහල වෙත ඇතුලත් කර ඇත.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම විදුහලේ ගුරුවරයකු පවසන ලද්දේ 02වන දින පාසල පැවැත්වෙන කාලය තුලදි පාසල අසල ගසක බැද තිබු බබර කුඩුවක් ඇවිස්සිමෙන් එහි සිටි බබරුන් විසින් පහාර දිමෙන් 11 වසරේ ඉගෙනුම ලබන සිසුවියන් තුන් දෙනකු හා එක් සිසුවකු තුවාල ලබා ඇති බවත්ය.

එසේ තුවාල ලැබු එම සිසුන් කඩිනමින් දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහල වෙත ඇතුලත් කිරිමට පියවර ගත් බවද ඔහු වැඩි දුරටත් පැවසිය.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ බබර ප්‍රහාරයෙන් තුවාල ලැබු සිසුන්ගේ තත්වයන් බරපතල නොවන බවත් එම සිසුන් රෝහලේ නේවාසිවක ප්‍රථිකාර ලබන බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts