විදේශ කටයුතු අමාත්‍යාංශයේ පරිගණක පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් කොන්සුලර් අංශයේ ලේඛන සත්‍යාපන කටයුතු වලට බාධා පැමිණ ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

කොළඹ පිහිටි කාර්යාලයේ මෙන්ම ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල කටයුතුවලටද මේ හේතුවෙන් බාධා පැමිණ ඇති බවත් පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කරන තෙක් හදිසි ලේඛන පමණක් ක්‍රියාවලියට යටත් කරන බවද අමාත්‍යාංශය නිවේදනය කරයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු යාපනය, ත්‍රිකුණාමලය, මාතර, මහනුවර සහ කුරුණෑගල යන ප්‍රාදේශීය කොන්සල් කාර්යාල මඟින් ලබා ගත හැකි බවද විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

එම පරිගණක පද්ධතියේ හටගත් දෝෂය යථා තත්ත්වයට පත් කෙරුණු පසුව දැනුම්දෙන අතර සත්‍යාපන කටයුතු හැර කොන්සියුලර් කාර්යාලයේ සෙසු කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

Similar Posts