මෝසම් වැසි සක්‍රිය වීමත් සමඟ ඩෙංගු අධි වසංගත තත්ත්වයක් ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි.
පසුගිය මාසයක පමණ කාලය තුළ මෙරටින් වාර්තාවූ ඩෙංගු රෝගීන් වැඩිවීම අසාමාන්‍ය තත්ත්වයක් බවයි අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පෙන්වා දුන්නේ.
මේ අතර දැනට පවතින ඩෙංගු ව්‍යාප්තිය මෙලෙසම පැවතිහොත් ඉදිරි මාස දෙකක කාලය රටට අතිශය අවදානම් වනු ඇති බවට වෛද්‍යවරුන් අනතුරු අඟවයි.
මෙම වසර ආරම්භයේ සිට මැයි මස 09 වැනිදා දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 31,993 ක් වාර්තා වී තිබේ.
එහෙත් ඉකුත් වසරේ මැයි මාසය අවසන් වන විට මෙරටින් වාර්තාවූ ඇත්තේ ඩෙංගු රෝගීන් 24,206 ක් පමණයි.