weather

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “මෝඛා සුළි කුණාටුව” මේ වනවිට චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මෙම වසරේ බෙංගාල බොක්ක ආශ්‍රිතව හටගත් පළමු කුණාටුව මෙය වන අතර එහි බලපෑම නිසා ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ වනවිට සුළි කුණාටුව බංග්ලාදේශය දෙසට ගමන් කරමින් ඇති අතර එළඹෙන (14) වනදා දහවල් බංග්ලාදේශයේ චිතගොන් සහ කොක්ස් බසාර් ආශ්‍රිත ප්‍රදේශවලට ඇතුළු විය හැකි බව වාර්තා වේ.

සුළි කුණාටුව පැයට කිලෝමීටර 150 – 175 ත් අතර වේගයකින් ගමන් කරන බවත් බංග්ලාදේශයේ වෙරළබඩ කලාපයේ අඩි 05ත් 06ත් අතර ප්‍රමාණයකින් මුහුදු රළ ඉහළ යා හැකි බවට අනාවැකි පළකර ඇති බවද වාර්තා වේ.

Similar Posts