ජාතික සමගිය ආගමික සහජීවනය වචනයට පමණක් සීමා විය යුතු නැති බවත් ක්‍රියාවෙන් සහජීවනය තියෙන විට රට සුරක්ෂිත බවත් අධිකරණ මානව හිම්කම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ජාතික සමගිය සහ ආගමික සහජීවනය නොමැතිව ඉදිරියට යා නොහැකි බවත් මේ දෙකම රටක් සංවර්ධනයේ දී අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා ලෙසත් අධිකරණ අමාත්‍යවරයා ලෙසත් තමන් අවධාරණය කරන බවද ඒ මහතා පවසයි.

ලෝකයේ මැද පෙරදිග ඇතුළු බොහොමයක් රටවල ආගමික හා ජාතිවාදී ගැටුම් තිබෙන අතර අප ශ්‍රී ලාංකිකයින් වශයෙන් ජාති ආගම් අතර අවබෝධයකින් යුතුව කටයුතු කරන බවත් එම තත්වය ඉතා වැදගත් බවද ඔහු පවසයි.

රටක ආගමික සමගිය නොමැති නම් සංවර්ධනය කොතරම් තිබුණත් වැඩක් නැති බවත් මුස්ලිම් දෙමළ සහ කතෝලික ජනතාවගේ ආගමික අනන්‍යතාවය ආරක්ෂා කර දීමට කටයුතු කළ යුතු නමුත් ආගමික අන්තවාදයට ඉඩ දීමට නොහැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ වැලිමඩ අළුගොල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.

Similar Posts