closed walkatha

විදුලි සංදේශ දෙපාර්තමේන්තුව සහ අභ්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුව ඈවර කර වසා දමා තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින්.

වියදම් කළමනාකරණය කිරීමේ ප්‍රතිපත්තිවය යටතේ රජයේ ආයතනයක් මගින් නිශ්චිත කාර්යයක් ඉටු නොවන්නේ නම් ඒවා පවත්වාගෙන යෑම පිළිබඳව යළි සළකා බැලීමටයි රජය තීරණය කර ඇත්තේ.

ඒ අනුව මෙම ආයතන දෙක මගින් ඉටුවන සේවාවන් වෙනත් රජයේ ආයතන මගින් සිදුවන බැවින් එම කරුණු සළකා විදුලි සංදේශ සහ අභ්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තු වසා දැමීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කරයි.

Similar Posts