රටේ පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීමේ අරමුණින් වසර 20ක් පැරැණි පාරිභෝගික අධිකාරිය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කරයි.

රටේ පැවති උද්ධමනය පහළ ගියද ඇතැම් භාණ්ඩ වල මිල අඩු නොවීමට පිළියමක් ලෙස ඉදිරි සති කිහිපය තුළ මිල පාලනය සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට සිදුවනු ඇති බවද වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සදහන් කරයි.

ජනතාවට භාණ්ඩ මිල අඩුවීමේ සහනය ලබා නොදෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නොවන භාණ්ඩ නිෂ්පාදනය කරන සමාගම්වලට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවද අමාත්‍ය නලින් ප්‍රනාන්දු සදහන් කරයි.

අමාත්‍ය නලින් ප්‍රනාන්දු තවදුරටත් සදහන් කළේ, සෑම භාණ්ඩයකම උපරිම මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්යය බවත්, එසේ නොකරන සමාගම්වලට හා නිෂ්පාදකයන්ට එරෙහිවත් නීතිමය පියවර ගන්නා බවයි.

Similar Posts