වටගොඩ තේ කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි කම්කම්කරුවන් පිරිසක් ප්රවාහනය කරමින් තිබු බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් 14 දෙනකු තුවාල ලබා කොත්මලේ ප්රාදේශීය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු තුවාලකරුවන් තිදෙනකු නාවලපිටිය මුලීක රෝහලට අමාරු කර යැවිමට එම රෝහල් බලධාරින් පියවර ගෙන ඇත.
09වන දින සවස වතු කම්කරුවන් පිරිසක් වටගොඩ මඩකුඹුර තේ කර්මාන්ත ශාලාවක සේවය කර එම පිරිස නැවත නිවෙස් වෙත රැගෙන යමින් සිටියදි එම බස් රථය මඩකුඹුර ගල්දෙනගහාවත්ත අතුරු මාර්ගයේදි මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් එහි ගමන් ගත් 26 දෙනකු තුවාල ලබා ඇත.
පසුව එම පිරිස කොත්මලේ ප්රාදේශීය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු සුලු තුවාල ලැබු කිප දෙනකුම බාහිර රෝගි අංශයෙන් ප්රථිකාර ලබා පිටව ගිය බවත් 14 දෙනකු රෝහලේ ප්රථිකාර ලබන බවත් එයින් තිදෙනකු නාවලපිටිය මුලීක රෝහලට මාරු කර යැවිමට පියවර ගත් බවත් කොත්මලේ ප්රාදේශීය රෝහලේ නිලධාරියකු පවසන ලදි.
මෙම බස් රථ අනතුර පිලිබදව පුණ්ඩළුඔය පොලිසිය මගින් වැඩි දුර පරික්ෂන ආරම්භ කර ඇත.
මනුර සුදත් සෙල්ලහේවා හැටන්