ranil3

මෙරට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පදවි ප්‍රාප්තියට අදට (20) වසරක් සපිරේ. ජනාධිපති ධුරයට පත්වී වසරක් සම්පූර්ණ වීම සැමරීම වෙනුවෙන් කිසිදු උත්සවයක් සංවිධානය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම් ඇතුළුව රට අරාජිකත්වයට පත්ව තිබූ මොහොතක රට භාර ගෙන මේ වන විට එම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කොට රට සාමාන්‍යකරණයකට පත් කර තිබෙන හෙයින් පදවි ප්‍රාප්ති උත්සව සංවිධානය කළ යුතු යැයි නොයෙක් පාර්ශ්වවලින් ඉල්ලීම් ඉදිරිපත් වී ඇතත් කිසිදු මහජන මුදලක් හෝ පෞද්ගලික මුදලක් වැය කොට පදවි ප්‍රාප්ත උත්සව පැවැත්විය යුතු නැතැයි ජනාධිපතිවරයා නියෝග කොට ඇත.

පදවි ප්‍රාප්ත දිනයේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීම විශේෂත්වයකි.

Similar Posts